රටේ අනාගතය පිළිබඳ තීරණය කිරීමට ජනතාවට අවස්ථාව ලබා දීම සිය වගකීම බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ට්ටිටර් පණිවිඩයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍යවරයා සදහන් කරන්නේ මහ මැතිවරණයක් මගින් ස්ථාවර රටක් බිහිකර ගැනීමට හැකි වන බවයි.
මේ අතර මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසියේ මහ මැතිවරණයක් කැදවීම ව්‍යවස්ථාවට පටහැනි ක‍්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිිටියේ ඊට එරෙහිව ගත යුතු ක‍්‍රියාමාර්ග පිලිබදව සාකච්ඡා කිරීම සදහා තව සුලුමෙහොතකින් පක්ෂ මාධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිත බවයි.
පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි විසුරුවා හරිනු ලැබුවා. ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් නිකුත් කල අතිවිශේෂ ගැසට් පත‍්‍රයක් මගින්.
ඒ අනුව මහ මැතිවරණය ලබන වසරේ ජනවරි මස 5 වනදා පැවැත්වීමට නියමිතයි. ගැසට් නිවේදනයට අනුව අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 17 වනදායි.