News Line| Off Air
Generic placeholder image

Nov
10

නාලක ද සිල්වා හුදකලා සිර මැදිරියක

1173 Views


නාලක ද සිල්වා හුදකලා සිර මැදිරියක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්අත්‍රණය කිරීම පිළිබඳ වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවෙන හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා සැකකරුවන්ගෙන් බැහැර හුදකලා සිරමැදිරියක රඳවා සිටින බව බන්ධනාගාර නිලධාරියෙක්‌ ඊයේ මාධ්‍යට පැවසීය.

මෙම බන්ධනාගාරයේ නාලක ද සිල්වා මහතාට එරෙහිව සැකකරුවන් පිරිසක්‌ සිටින නිසා ඔහුට රැකවරණය ලබාදීමට දැඩි සැලකිල්ල යොමු කර මෙම හුදෙකලා සිරමැදිරියේ ඔහු රඳවා සිටින බව ද බන්ධනාගාරය කියයි.

නාලක ද සිල්වා මහතා සමග නිකරුණේ කතාබහ නොකරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දීමක්‌ කර තිබෙන බවද බන්ධනාගාර ආරාංචි මාර්ග කියයි. මේ හැර නාලක ද සිල්වා මහතා සිටින සිරමැදිරිය අසලට දැඩි රැකවරණය යොදා ඇත.

ඔහුගේ සුවදුක්‌ බැලීමට පැමිණෙන හිතවතුන් නැති බවත් ඔහුගේ පවුලේ අය පමණක්‌ ඔහු බැලීමට පැමිණෙන බවත් බන්ධනාගාරය කියයි. ඔහු මෙතෙක්‌ පහසුකම් ඉල්ලා නැතැයි බන්ධනාගාර නිලධාරියා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post