News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුව අරඹයි

3319 Views


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පක්ෂ මාරුව අරඹයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙක් මේ වන විට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වෙලා තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මහ මැතිවරණයට තරග කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර සහ හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි.වී. චානක ද මේ අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඒකාබද්ධ පෙරමුණක් ලෙස ඉදිරි මහ මැතිවරණයට තරග කරන බවට සිය ට්විටර් ගිණුම් හරහා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් ඉදිරි දින කිහිපයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post