ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ප්‍රශංසනිය එකක් බව හඟවමින් ඉන්දීය රාජ සභාවේ මන්ත්‍රීවරයෙක් වන සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
බහුතරය මත පදනම් වූ ව්‍යවස්ථාමය තීරණයක් ගැනීම යහපත් එකක් බවත් ප්‍රජාතන්ත්‍රවාදිව ජනතාව විසින් ඒ පිලිබදව නිසි තීරණයක් ගනු ඇති බව සුබ්‍රමනියන් ස්වාමි තම නිවේදනය මගින් කියා සිටිනවා.
ඔහු සදහන් කරන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් මහින්ද රාජපක්ෂ මහතාට සහය දුන් හොත් එය ඉතා “හොඳ ගනුදෙනුවක්” විය හැකි බවයි.
කෙසේ වෙතත්, “ශ්‍රී ලංකාවේ දෙමළ නායකයින් සියදිවි නසාගැනීමේ ප්‍රවනතාවයක්” පවතින බවද ඔහු සිය ට්විටර් පණිවිඩයෙන් වැඩිදුරටත් කියා සිටිනවා.