එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා නුදුරේදීම නම් කරන බව හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (10) උඩුනුවර එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින් විසින් සංවිධානය කර තිබු ව්‍යවස්ථා විරෝධිව කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයාට සහ මැති ඇමැතිකම් ගත් අයට විරෝධය පළ කිරිම සහා ගෙලිඔය නගරයේ පැවැති විරෝධතාවයක් අතරතුරදියි.
“මෛත්‍රිපාල මේ පාර්ලිමේන්තුව විසිරෙව්වෙ එයාලට පාර්ලිමේන්තුවේ 113 ක් නැති නිසා. නීති විරෝධි ව්‍යවස්ථා විරෝධි අගමැති මැති ඇමැතිවරු පත් කරළ බැරිම තැන ආණ්ඩුව විසිරෙව්වා. අපි මේ සම්බන්ධව අධිකරණයට යනවා. අද හොරු අල්ලන්න ආපු මෛත්‍රී හොරුත් එක්ක එකතුවෙලා අපිට වසර 3ක් ගියත් හොරු අල්ලන්න ඉඩ දුන්නෙ නෑ. හෙට අනිද්දම අගමැති අපේක්ෂකයා නම් කරනවා.”