News Line| Off Air
Generic placeholder image

Nov
11

එජාපයෙන් පැන්න මන්ත්‍රීන් එජනිසයේ ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට

2179 Views


එජාපයෙන් පැන්න මන්ත්‍රීන් එජනිසයේ ජාතික ලැයිතුවෙන් පාර්ලිමේන්තුවට

මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කිරීමට එක් වූ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරුන්ට මීළග පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් හෝ ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල මහතා පැවසුවේ එම මන්තී‍්‍රවරුන් මහමැතිවරණයට ඉදිරිපත් නොවුවද ඔවුන්ට ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ලබාදීමට එකගතාව පළ වී තිබෙන බවයි. ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය ලබාදීමේදී එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පිරිසට මූලිකත්වය ලබාදෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුව පිහිටුවීමට ඔවුන් ලබාදුන් සහයෝගය වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආනන්ද අලුත්ගමගේ සහ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක පි‍්‍රයන්ත අද උදෑසන මාධ්‍යය වෙත කියාසිටියේ තමන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බවයි.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මෙම මන්තී‍්‍රවරුන් සම්බන්ධයෙන් මාධ්‍යය එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගෙන් විමසීමක් කළා. ඔහු කියාසිටියේ සිය පක්‍ෂය සමග අවබෝධයකින් සිටි පුද්ගලයින්ට පමණක් මහ මැතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදීමට හැකි බවයි.

එස් බී නාවින්න, ආනන්ද අලුත්ගමගේ, විජේදාස රාජපක්ෂ, අශෝක ප්‍රියන්ත, වඩිවෙල් සුරේෂ්, දුනේෂ් ගංකන්ද, වසන්ත සේනානායක එලෙස සහයදුන් මන්ත්‍රීවරුන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post