News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
11

එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි | සුජිත් මුතුකුමාරණ කියයි

724 Views


එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි | සුජිත් මුතුකුමාරණ කියයි

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. සූරියවැව ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි එම මහතා කියා සිටියේ.

අද පක්ෂයක් ලෙස දැවැන්ත ගැටළුවකට මුහුණදීලා තියනවා අමාරුවෙන් කැපවීම් කරලා ගම් මට්ටමින් ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ බොහෝ පරිත්‍යාග කරලා නිර්මාණය කරපු ආණ්ඩුව කඩා වැටිලා තියනවා. අපි විශේෂයෙන්ම මේ වෙලාවේ ඉල්ලා සිටිනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස්විය යුතුයි කියලා. අපි මේ වෙලාවේ කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා පක්ෂයේ නායකත්වය තරුණ නායකයෙකුට ලබා දෙන්න කියලා. ඔහුගේ කිට්ටුතම හිතව්තෙකුටවත් ඒ සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ සම්බන්ධයෙන් දැන් පක්ෂය තුලින් හඬක් ඇති වෙන්න පටන් ගෙන ඇති බව මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියා.

මේ අතර අරලියගහ මන්දිරයේ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් කියාසිටියේ ජනතාව පක්‍ෂයේ වෙනසක් අපේක්‍ෂාවෙන් සිටී නම් එය සිදුකිරීමට සූදානම් බවයි.


News Articles
Latest Videos
Most Popular Post