ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය නුදුරු දිනකදීම එළිදක්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. පුළුල් ජාතික සන්ධානයක් ලෙස මෙම මැතිවරණයට තරග කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
කොළඹ දී මීට නොබෝ වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.