News Line| Off Air
Generic placeholder image

Nov
12

රනිල්ගේ වී ගබඩාව වසා දැමේ – අගමැති මහින්දගේ අණින් මත්තල නැවතත් ක්‍රියාකාරී වූ හැටි !

1320 Views


රනිල්ගේ වී ගබඩාව වසා දැමේ – අගමැති මහින්දගේ අණින් මත්තල නැවතත් ක්‍රියාකාරී වූ හැටි !

පසුගිය සමයේ වී ගබඩාවක් ලෙස භාවිතා කළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ප්‍රතිසංස්කරණය කරමින් නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් අරඹා තිබෙනවා. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණින් ශ්‍රී ලංකාව සතුවූ විශාලතම ජාත්‍යන්තර ගුවන් තොටුපළේ වී ගබඩා කර තැබීමට පසුගිය කාලයේ කටයුතු කර තිබුනා. මීට අමතරව මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමෙ සැලසුමක්ද ක්‍රියාත්මක වූවා. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ රාජකාරී ආරම්භ කළ සැණින් මත්තල නැවතත් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූවා.

ඒ අනුව පසුගිය දින එම ගුවන් තොටුපළේ නැවතත් ජාත්‍යන්තර මෙහෙයුම් ආරම්භ කෙරුනා. එම අවස්ථාව නිරීක්ෂණය කිරීමට අගමැතිවරයාද සහභාගී වී සිටියා.

 


News Articles
Latest Videos
Most Popular Post