අද (12) පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදු වීමට නියමිතයි. අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පක්ෂ නායකයින් ද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මුණගැසීමටයි නියමිතව ඇත්තේ.
එහිදී ඉදිරි මැතිවරණයට තරඟවදින ආකාරය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලබන බවයි වාර්තා වන්නේ. තරඟ වදින පක්ෂය හා ලකුණු පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේවෙතත් පොහොට්ටුව ලකුණින් පුළුල් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයේදී තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා දැනටමත් ප‍්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරයා සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතර හමුවක් ද ඊයේ (11) රාත‍්‍රියේ සිදු වුණා. මැතිවරණය සම්බන්ධයෙන් හා ඊට මුහුණදෙන ආකාරය පිළිබඳ එහිදී ද දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.