News Line| Off Air
Generic placeholder image

Nov
12

හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට

566 Views


හිටපු ඇමති රවීගේ දියණිය අධිකරණයට

හිටපු අමාත්‍ය රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදීමේ සිද්ධියට අදාළව ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකට අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතයි. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ලබාදුන් නියෝගයකට අනුවයි.

බැඳුම්කර වංචා සෙවීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සත්‍ය පවසන බවට දිවුරා පොරොන්දුවී අසත්‍යය පවසන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව චෝදනා එල්ල වෙනවා.

අධිකරණ නියෝග මත තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියද එහි නිලධාරීන් ඒ පිළිබඳ සැළකිල්ලක් නොගෙන සිටි බවට ඔනෙලා කරුණානායක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් මීට පෙර අධිකරණයේ ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් පැමිණිලි පාර්ශවයෙන් අධිකරණයට දැනුම්දී තිබුණේ ඇය නීතීඥවරුන් විශාල පිරිසක් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුලුවීම සඳහා පැමිණ සිටි අතර, අවසර පත් ලබාදීම ආරම්භ වනවිට එම ස්ථානයෙන් පිටව ගොස් තිබූ බවට යි.

ඒ අනුව පැමිණිලි පාර්ශවයෙන් අධිකරණයට දැනුම්දුන් කරුණු සැළකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post