News Line| Off Air
Generic placeholder image

Nov
13

හිටපු LTTE නායක තමිල් සෙල්වම්ගේ බිරිඳ මහමැතිවරණයට ?

1441 Views


හිටපු LTTE නායක තමිල් සෙල්වම්ගේ බිරිඳ මහමැතිවරණයට ?

උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සෂිහරන් ඊයේ (12) සවස එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ හිටපු නායක එස්.තමිල් සෙල්වම්ගේ බිරිඳ හමුවී ඇයට දේශපාලනයේ නිරත වීමට ආරාධනය කොට තිබෙනවා.

මෙම හමුව සිදුව ඇත්තේ කිළිනොච්චියේ අලුතින් ඉදිවන නිවාස සංකීර්ණයක කටයුතු සොයා බැලීම සදහා ආනන්දි සෂිහරන් ගිය අවස්ථාවේදීයි.

තමන් විසින් දෙමළ ඊළාම් ස්වයං පාලන පක්ෂය නමින් පිහිටුවා ගෙන ඇති පක්ෂය පිළිබදව එහිදී පැහැදිළි කර ඇති අතර මේ වන විට තමන් ඒ පක්ෂයේ සිටිමින් සී.වී.විග්නේස්වරන්ගේ ටී.එම්.කේ. පක්ෂය සමග සන්ධනගත වී සිටින බවද ඇය පෙන්වා දී තිබෙනවා.

මේ අනුව ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණය සඳහා කුමන පක්ෂයකින් හෝ තරග කිරීමට අවස්ථාව ඇති නිසා දේශපාලන කටයුතුවල නිරත වී දෙමළ ජනතාවට සේවය කිරීමට එකතු වන ලෙස ආනන්දි සෂිහරන් තමිල් සෙල්වම්ගේ බිරිඳගෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඇය දීර්ඝ වේලාවක් මේ ගැන සාකච්ඡා කළද තමිල් සෙල්වන්ගේ බිරිඳ කිසිඳු ස්ථිර පිළිතුරක් ලබා දී නොමැති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post