News Line| Off Air
Generic placeholder image

Nov
13

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම ජනවාරියේදී අවසන්

1005 Views


මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියේ ජලය පිරවීම ජනවාරියේදී අවසන්

කඩිනම් මහවැලි යෝජනා ක‍්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් කටයුතු මේ වන විට ප‍්‍රශස්ත මට්ටමක පවතින බව මහවැලි අධිකාරියේ නිලධාරිහු පෙන්වා දෙනවා.

ජලාශයේ ජල පිරවුම් කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ ඉකුත් ජූලි මාසයේ දීයි.

පවතින වැසි සමයත් සමග එළඹෙන ජනවාරි මාසය වන විට ජලාශය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරි යනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

අද (12දා) පෙරවරුවේ මහවැලි අධිකාරියේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා අනතුරුව එම ශ‍්‍රවණාගාරයේ දී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට එක් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය කෙරිණි.


News Articles
Latest Videos
Most Popular Post