News Line| Off Air
Generic placeholder image

Nov
13

ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

608 Views


ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි පොලිස් ආරක්ෂාවක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණය අවට ප්‍රදේශයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දින (13) යළි සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12)දිනයේදී තීරණය කළා.

එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

එසේම මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම විශේෂත්වයක්.

ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ අනුර ලක්සිරි, නීතීඥ ලාල් විජේනායක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළා.

අදාළ පෙත්සම් අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගනු ලබන ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post