News Line| Off Air
Generic placeholder image

Nov
13

ක්‍රිකට් නිලවරණයට සූදානම් වෙයි

446 Views


ක්‍රිකට් නිලවරණයට සූදානම් වෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලවරණය ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙනු ඇතැයි කි‍්‍රකට් ආරංචි මාර්ග පවසනවා.

කි‍්‍රකට් නිලවරණයට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහා තුන් දෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්ද කී‍්‍රඩා අමාත්‍යවරයා විසින් ඊයේ (12) පත් කරනු ලැබුවා.

හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක, හිටපු මහාධිකරණ විනිසුරු අයි. එම්. අබේරත්න සහ අධ්‍යාපන අමාතාංශයේ හිටපු ලේකම්වරයෙකු වන සුනිල් සිරිසේන මෙම නිලවරණ කමිටුවට ඇතුළත් වෙනවා.

මේ අතර කි‍්‍රකට් නිලවරණය පැවැත්වෙන තෙක් කි‍්‍රඩා අමාත්‍යවරයා විසින් කි‍්‍රකට් ආයතනය සඳහා උපදේශන කමිටුවක්, තරග කමිටුවක් සහ විනිසුරු කමිටුවක් පත්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post