News Line| Off Air
Generic placeholder image

Nov
13

දෙමළ පක්ෂත් ප්‍රධාන සන්ධාන දෙකට

1629 Views


දෙමළ පක්ෂත් ප්‍රධාන සන්ධාන දෙකට

මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධාන දෙකට එකතුවී උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳවඑම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් උතුරේ ජනතාව වෙනුවෙන් ප්‍රමාණවත් අයිතිවාසිකම් දිනාගැනීම සිදුකළ නොහැකි වීම නිසා මෙලෙස ප්‍රධාන පක්ෂ දෙකට එකතුවීම පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමුකර තිබෙනවා. දැනටමත් ඊ.පී.ඩී.පී.නායක ඩග්ලස් දේවානන්දා මහතා මෛත්‍රී- මහින්ද ඒකාබද්ධ පෙරමුණ යටතේ තරග වැදීමට කැමැත්ත පළ කර තිබේ.

මේ අනුව,උතුරේ ක්‍රියාත්මක වන ද්‍රවිඩ ජාතික සන්ධානයට සම්බන්ධ බොහෝ දේශපාලන පක්ෂ තනිව හෝ දෙමළ පක්ෂ එකමුතුවක පෙරමුණක් නොවී එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛව සකසන පුළුල් සන්ධානය යටතේ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හාශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සකස් කරන පුළුල් සන්ධානයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post