News Line| Off Air
Generic placeholder image

Nov
13

එජාප මන්ත්‍රීවරු කළු පටි පලදියි

877 Views


එජාප මන්ත්‍රීවරු කළු පටි පලදියි

ප්‍රජාතත්ත්‍රවාදි විරෝධි ලෙස පාර්ලිමෙන්තුව විසුරුවා හැරිමට  ජනාධිපතිවරයා ගත් තිරණයට විරෝධය පල කරමින්  දකුණු පළාත් සභාවේ විපක්ෂනායක තෙන්නකොන් නිලමේ ඇතුළු එජාප මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ පළාත් සභාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වුහ.

කළුපටි පැලද පැමිණි  විපක්ෂනායකවරයා ඇතුළු එජාප මන්ත්‍රීවරු  ජනාධිපතිවරයාට දැඩි විරෝධය පලකරමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වුහ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට හිස නමනු, ප්‍රජාතන්ත්‍රවාදය යලි තහවුරු කරනු,  ජනපති වියරුව පරදවමු, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙල ගැසෙමු ආදි සටන් පාඨ කියමින් එජාප මන්ත්‍රීවරු විරෝධතාවයේ නිරත වුහ.


News Articles
Latest Videos
Most Popular Post