News Line| Off Air
Generic placeholder image

Nov
15

අපි ජනපති මන්දිරිය වටලනවා දඹර අමිල හිමි කියයි

1985 Views


අපි ජනපති මන්දිරිය වටලනවා දඹර අමිල හිමි කියයි

ජනපති මන්දිරය වටලන බවත් පිට කොටුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කරන බවත් දඹර අමිල හිමියෝ පවසති. එක්සත් ජාතික පක්ෂ ජන රැළිය අමතමින් හිමියන් මේ බව සඳහන් කළේය.

“ගැසට් සිරිසේනට කියනවා. අපි මන්දිරය වටලනවා. ජනපති මන්දිරය වටලවා. අපි දෙන්නේ තව පැය කිහිපයයි. ශ්‍රේෂ්ඨාධිකරණය, පාර්ලිමේන්තුව තීරණය දුන්නා. අද ජනතාව තීන්දුව දුන්නා. මහ රජාව මැදමුලන ජනේලයේ එල්ලූ ආකාරයට පොලොන්නරුවේ සිරිසේන පොලොන්නරුවෙ වෙලේ සිටවනවා. ඩොලරය නගිනවා. ආධාර නැතිවෙලා. රජයේ සේවකයන් පඩි ගෙවන්න විදිහක් නැතිව ඉන්නවා. රට ඔසවා තබන්න දුන්නේ. අද පිස්සු කෙළිනවා. අප්පුවාට රජකම ලැබුණා වගේ කටයුතු කරනවා.අපේ හයියෙන් ඔතනට ආවේ.එක මිටට තියලා තූත්තිකුඩියට පන්නමු, පර සක්කවල ගහමු. තව පැය කිහිපයයි දෙන්නේ පිට කොටුවේ මාරාන්තික සත්‍යග්‍රහයක් පවත්වනවා. පොළීමේ ඇවිත් මරණ හැටි පෙන්වනවා. අපි පටන් ගන්න සත්‍යග්‍රහය මාරාන්තික උපවාසයක් දක්වා යනවා. ”


News Articles
Latest Videos
Most Popular Post