News Line| Off Air
Generic placeholder image

Nov
15

ලොහාන් මාව තල්ලු කලා නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා – අද පාර්ලිමේන්තුවේ සැබෑ කතාව චම්පික කියයි

1178 Views


ලොහාන් මාව තල්ලු කලා නාමල් ඇවිත් මගෙන් සමාව ඉල්ලුවා – අද පාර්ලිමේන්තුවේ සැබෑ කතාව චම්පික කියයි

අද පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්දිය සම්බන්දයෙන් පාඨලි චම්පික මන්ත්‍රීවරයා තමන්ගේ මුහුණු පොතේ මෙවන් සටහනක් පලකර තිබුණා.

අද පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක් ඇති වූ අවස්ථාවේ දී ෆයිසර් මුස්තාපා මැතිතුමා මාගෙන් මෙයට විසඳුමක් නැද්දැයි විමසන ලදී. ඒ අතරතුරම මහින්ද රාජපක්ෂ මැතිතුමා හට මා සමග කතා කතා කිරීමට අවශ්‍යවී තිබෙන බවත් ඔහු විසින් පවසන ලදී.

එම ඉල්ලීමට අනුව මා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා මුණ ගැසුණු අතර, “ඇයි ඇමැතිතුමා මේ වෙලාවේ නිහඬ?” යන්න රාජපක්ෂ මහතාගේ පළමු ප්‍ර‍ශ්ණය විය.

“මේ වෙලාවේ පාර්ලිමේන්තුව යන්නේ අතපයේ හයිය පාවිච්චි කරලා නේ, ඒ නිසා බුද්ධිය තියෙන මිනිස්සු හැටියට අපි නිහඬව ඉන්නවා” යනුවෙන් මා ඔහුට පිළිතුරු දුන්නෙමි.

දැන් මේකට මොකක්ද කරන්නේ, යන්න ඔහුගේ ඊළඟ ප්‍රශ්නය විය. බහුතර බලය තියෙන අයට මේක කරගෙන යන්න දෙන්න යනුවෙන් මා ඔහුට පැවසූ අතර, රනිල් ට මම මේක දීලා යන්න ලෑස්ති නැහැ, මම නීත්‍යානුකූලව පත් වෙලා ඉන්නේ යන්න රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය විය.

ඒත් සමගම පාරලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා විසින් මාව තල්ලු කරන ලදී. ඒ අවස්ථාවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ද එම ස්ථානයට පැමිණියේය. “කතා කරන්න ඕනේ කියලා, මෙහෙම තක්කඩි වැඩි කරනවා නම්, මේකද තමුන්ලාගේ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය යනුවෙන් මා ප්‍ර‍ශ්ණ කළෙමි. ඒ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා විසින් සිදුවීම පිළිබද සමාව අයැද සිටි අතර ඒත් සමගම සිදුවීම අවසන් විය.


News Articles
Latest Videos
Most Popular Post