ඉන්ධන මිල අඩු වීමත් සමග බස් ගාස්තු සංශෝධනයක් සිදු කරන්නේද යන්න තීරණය කිරීම සදහා බස් සංගම් හා ජාතික ගමනා ගමන කොමිසම අතර සාකච්ඡුාවක් අද පැවැත්වුණා.
සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේළනයේ ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියංජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිිටියේ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.
ඩොලරය ඉහළ යාමත් සමග තම කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි බස් සංගම් එම සාකච්ඡුාවේ දී ප‍්‍රකාශ කර ඇත්තේ. ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ප්‍රෙට‍්‍රල් සහ ඞීසල් ලීටරයක මිල රුපියල් 5 කින් පහල දමා තිබෙනවා
ඒ් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 140 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 164 ක් දක්වා අඩු කර තිබෙනවා. ඔටෝ ඞීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 111 ක්. සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 136 ක් දක්වා පහල දමා තිබෙනවා.
අයි ඕ සී සමාගම ද ඉන්ධන මිළ ගණන් පහළ දමා තිබෙනවා. එම සමාගම ඔටෝ ඞීසල් ලීටරයක් අඩු කර ඇත්තේ රුපියල් 07 කින්. සුපර් ඞීසල් – ඔක්ටේන් 92 හා 95 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 05 කින් අඩු කර තිබෙනවා.