News Line| Off Air
Generic placeholder image

Nov
16

“ගජ” නිසා ශ්‍රී ලංකාවට “ගජ වාසියක්”

773 Views


“ගජ” නිසා ශ්‍රී ලංකාවට “ගජ වාසියක්”

ඉන්දියාවට බල පැවැත්වෙන ගජ සුළි කුණාටුව නිසා ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ ගුවන් යානා සංඛාව ඉහළ ගොස් තිබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 30ක පමණ අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාවව ලැබී තිබෙනවා.

ඊයේ (15) උදෑසනින් අවසන්වූ පැය 24 තුළ ජාත්‍යන්තර ගුවන් ගමන්හි යෙදෙනා ගුවන් යානා 200ක් පමණ ශ්‍රී ලංතා ගුවන් කලාපය තුළින් පියාසරකර තිබෙන අතර, මේ හේතුවෙන් එදින ආදායම රුපියල් ලක්ෂ 80ක් පමණ වන බවයි සිවිල් ගුවන්සේවා අධිකාරි ආරංචි මාර්ග පැවසුවේ.

ඊයේ දිනයේද එලෙස පියාසර කළ ගුවන් යානා ප්‍රමාණය සාමාන්‍ය දිනකට වඩා වැඩිවීමක් දක්නට ලැබුණද පෙරේදා තරම් ගුවන් යානා සංඛ්‍යාවක් පියාසර නොකළ බවයි වැඩිදුරටත් වාර්තා වනවා. සාමාන්‍යයෙන් දෛනිකව ශ්‍රී ලංකා ගුවන් කලාපය ඔස්සේ ගුවන් යානා 120ක් පමණ පියාසර කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post