උතුරු මුහුදු ප‍්‍රදේශයේ තවදුරටත් ධීවර කටයුතු වලින් වැලකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා
මධ්‍යම බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ පවතින ගජ චණ්ඩ සුලි කුණාටුව හේතුවෙන් එම දැනුම් දීම සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කලේ.
මේ වන විට එම සුළි කුණාටුව දකුනු තමිල්නාඩු ගොඩබිමට ඇතුලු වී තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට පවතින්නේ දිවයිනට කිලෝ මීටර 115 ක් දුරින්.
සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් උතුරු පළාතට හා ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික්කයට තද වැසි හා සුළං ඇති විය හැකියි. ඒ හේතුවෙන් යාපනය දිස්ත‍්‍රික්කයට ඉදිරි පැය කිහිපයේදීත් පැයට කිලෝමීටර 100 දක්වා වන තද සුලං ඇති විය හැකියි.
මුලතිව් සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශ වලද පැයට කිලෝමීටර 80 ක් දක්වා වන තද සුලං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ. ගජ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත‍්‍රික්කයේ සියලු පාසල් වලට අද නිවාඩු දිනයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.