කිසියම් කළහකාරී තත්වයක් ඇතිවීම වැළැක්වීමේ අදහසින්පා ර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශයට අදත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
ඊයේ සහ පෙරේදා දිනවල ද පාර්ලිමේන්තුව සහ අවට ප‍්‍රදේශවලට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා. පොලිස් කැරළි මර්දන ඒකකය ද එහි කැඳවා සිටි බවයි වාර්තාකරුවන් පැවසුවේ. කථානායකවරයාගේ ඉල්ලීමක් අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය ද එහි කැඳවනු ලැබුවා.
පාර්ලිමේන්තුව අද දහවල් 01.30ට රැස්වීමට නියමිතයි.