News Line| Off Air
Generic placeholder image

Nov
16

ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක්

1586 Views


ලෝකාන්තයේ ස්ථාන දෙකකට ආරක්ෂිත දැලක්

හොර්ටන්තැන්න, ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හොර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රදීප් කුමාර මහතා පැවසීය.

විදේශික කාන්තාවක් පසුගියදා අනාරක්ෂිත ලෙස සෙල්ෆි ඡායාරුපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඇය කන්දෙන් පහළට වැටී මිය යෑමෙන් අනතුරුව ලෝකාන්තය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව උදෙසා ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂවරයා සමග ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද හෙතෙම පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post