News Line| Off Air
Generic placeholder image

Nov
16

හදිසි ගින්නකින් වෙළඳසැල් දෙකක් අළු වෙයි

486 Views


හදිසි ගින්නකින් වෙළඳසැල් දෙකක් අළු වෙයි

තලවාකැලේ නගරයේ අද(16) අළුයම හටගත් හදිසි ගින්නක් හේතුවෙන් වෙළඳසල් දෙකක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව තිබෙනවා.

තලවාකැලේ නගරයේ ප්‍රධාන වීදියේ මිරිස් ඇඹරුම් වෙළඳසලක අද අළුයම 02.00 ට පමණ හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එම වෙළඳසල හා යාබඳව පිහිටි ෆැන්සි භාණ්ඩ අලෙවිසලක් සම්පූර්ණයෙන් දැවී විනාශයට පත්ව ඇති බව තලවාකැලේ පොලීසිය පවසනවා.

මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර තලවාකැලේ -ලිඳුල නඟර සභාවේ ගිනි නිවන ඒකකය, තලවාකැලේ පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න පැතිරයාම වළකා නිමා දැමීය. ගින්නෙන් සිදුව ඇති දේපළ හානිය සම්බන්ධව මෙතෙක් තක්සේරු කර නොමැති බවයි වාර්ථා වෙන්නේ.

ගින්නට හේතුව පිළිබඳව තලවාකැලේ පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post