News Line| Off Air
Generic placeholder image

Nov
17

ජනපති සජිත් හමුව කල් ගිහින්

1212 Views


ජනපති සජිත් හමුව කල් ගිහින්

පාර්ලිමේන්තු මන්ති‍්‍ර සජිත් පේ‍්‍රමදාස ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව කල් ගොස් ඇති බව වාර්තා වෙනවා.පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවේ අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලය වෙත ගොස් ඇති බවයි.එහෙත්, ජනාධිපතිවරයා කොළඹින් බැහැරව සිටීම හේතුවෙන් එම නියෝජිතයින් ආපසු හැරී ආ බවයි මන්තී‍්‍රවරයා කියා සිටියේය.

බොහෝ දුරට හෙට දිනයේ එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර පැවසුවා.ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවීමට නියමිතව තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post