News Line| Off Air
Generic placeholder image

Nov
17

මැතිවරණයක් ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

1769 Views


මැතිවරණයක් ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් කැඳවීම සඳහා යෝජනාවක් සම්මත කරගැනීමට සියලු පක්ෂ හා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.කොළඹදී මෙරට විදෙස් මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් ඔහු ඊයේ පස්වරුවේ එම කරුණු සඳහන් කළ බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කර තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා එහිදි මෙසේ ද පවසා ඇත.

“අද පාර්ලිමේන්තුවේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් මම කම්පාවටත් කනගාටුවත් පත් වෙනවා. අපිට මේ අරාජික තත්ත්වය තවදුරටත් බලා ඉන්න බෑ. අපිට බහුතරය තියෙනවා. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. මේ රටේ නීත්‍යනුකූලව පිහිටවපු ආණ්ඩුව අපියි. අපිට ඒ ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කරන ලිපියට ප්‍රතිචාරයක් බලා සිටිනවා.

අවශ්‍ය නම් යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසෙන්න එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් සූදානම්. ඕනෑම වෙලාවක හමුවෙන්න අපේ පක්ෂ නායකයන් සූදානම්. අපිට අනෙක් සියලු දේ කතා කරලා විසඳගන්න පුළුවන්. නමුත් රටේ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යන්න පුළුවන් එකම කණ්ඩායම අපි බව පිළිගන්න ඕනේ.ඒක නොපිළිගන්න තුරු රටේ අරාජික තත්ත්වයක් තියේවි. අපිට අරාජික තත්ත්වයක් අවශ්‍ය නැහැ. අනෙක් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කර ලබන ජූනි මාසයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට අපි සූදානම්. ඒ සඳහා යෝජනාවක් සම්මත කරගැනීම කෙරෙහි ද අවධානය යොමු වී තිබෙනවා”.


News Articles
Latest Videos
Most Popular Post