News Line| Off Air
Generic placeholder image

Nov
17

යාපනයේ මුහුදු වෙරලේ ජලය අසාමාන්‍ය ලෙස අඩි 5කින් අඩුවෙයි

1299 Views


යාපනයේ මුහුදු වෙරලේ ජලය අසාමාන්‍ය ලෙස අඩි 5කින් අඩුවෙයි

යාපනය දිස්ත්‍රීක්කයට ගජ සුලි කුනාටුවේ බලපෑම හේතුවෙන් ඩෙල්ෆ් දූපතේ මුහුදු වෙරලේ ජල මට්ටම අද උදෑසන අඩි පහකින් පමණ පහළ බැස ඇති බවටත් දූපත් අතර මගී නෞකා ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතී ඇති බවටත් යාපනයේ දූපත්වාසීන් කියා සිටියා.ඩෙල්ෆ් මුහුදු ජැටියේ ඊයේ සවස මගී නෞකා නවතා තිබූ ජැටියේ ජල මට්ටම අඩි 5 කින් පමණ අද උදෑසන පහල යාම හේතුවෙන් එම නෞකා වැල්ලේ ගැටීමෙන් මගී නෞකා ඇදීමට ට්‍රැක්ටර් යොදා ගැනීමට සිදුව ඇති බවටත් ඩෙල්ෆ් දූපත හා කූරිකඩ්ඩුවාන් දූපත් අතර මගී නෞකා ගමනා ගමනය සම්පූරණයෙන්ම නැවතී ඇත.

මුහුදු ජලය අඩුවීම හේතුවෙන් ඩෙල්ෆ් ඇතුලු දූපත් වාසීන් බිය වී ඇති අතර මේ වන විටත් දූපත් දෙසට පැයට කිලොමීටර් 100 ත් 150 ත් අතර වේගයකින් සුළං හමන බවටද වාර්තා වෙයි


News Articles
Latest Videos
Most Popular Post