ඊයේ පාර්ලිමේන්තු සිද්දිය ගැන රන්ජන් රාමනායක මාධ්‍යවේදීන් හමුවේ පලකලේ මෙවන් අදහසක්.
අපි ජනාධිපතිතුමාට ඊයේ 122 ක අත්සන් තිබෙන බව කිව්වා. නමුත් එතුමා එය පිළිගන්න බෑ කිව්වා. ඊට පස්‌සේ අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මන්ත්‍රීවරුන් 122 කම ජනපති හමුවට ගෙන එන බව කීවා. ජනාධිපතිතුමා එයට අකැමැති වෙලා පක්‌ෂ නායකයන් පමණක් එවන්න කිව්වා. අපි අද පාර්ලිමේන්තු ආවේ 122 ක බහුතරය පෙන්වන්න. ආණ්‌ඩු පක්‌ෂයේ යැයි කියාගත් පිරිස එයට බිය වූවා. පෙරේදා දිලුම් අමුණුගම අත තුවාල කර ගත්තෙ කථානායකවරයාගේ මයික්‍රෆෝනය ගලවන්න ගිහින්. ඒ සිදුවීම හැමෝම දැක්‌කා. ප්‍රසන්න රණවීර කථානායක පුටුවට වතුර හැලුවා. මේවා තමයි ඇත්ත. මේවා කළේ රන්ජන් රාමනායක ද? ඒ නිසා ඉදිරියේදී පවත්වන ඕනෑම සාධාරණ පරීක්‌ෂණයකට මූණ දෙන්න රන්ජන් රාමනායක බය නැහැ.