News Line| Off Air
Generic placeholder image

Nov
18

අද ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අලුත්ම තත්ත්වය මෙන්න

722 Views


අද ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අලුත්ම තත්ත්වය මෙන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (18) අවසන් දිනයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 240ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසු වන බව වාර්තා වෙනවා.

ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ සිව් වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 61 ක් රැස් කළ යුතු අතර අතැතිව ඇත්තේ කඩුළු 1 ක් පමණයි.

ඒ අනුව තරගය ආරම්භයේදී ශ්‍රී ලංකා පිළ අතේ තිබූ ජයග්‍රහණය මේ වන විට කෙමෙන් කෙමෙන් එංගලන්තය දෙසට ඇඳී යන ආකාරයක් දැක ගත හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post