ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා මන්ත්‍රීවරුන් මිලට ගැනීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා චෝදනා කරනවා.
මන්ත්‍රීවරයෙක් මිලට ගැනීම වෙනුවෙන් යෝෂිත රාජපක්ෂ මහතා ඩොලර් මිලියන තුනක් ලබාදෙන බව ඔහු පෙන්වා දෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ නැවතත් අංක තරගය ආරම්භ වී තිබෙන බවත් ඔහු පෙන්වා දෙනවා.