News Line| Off Air
Generic placeholder image

Nov
18

හොර අගමැති ගෙදර යවනු – කිරිදිවැල විරෝධතාවයක්

1142 Views


හොර අගමැති ගෙදර යවනු – කිරිදිවැල විරෝධතාවයක්

එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල විරෝධතාවයක් අද දින දහවල් කිරිදිවැල නගරයේදී පැවැත්විණ. ඒ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාවට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිලිවෙළට එරෙහිවයි.

ගම්පහ දිසත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවයට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඇතුලු විශාල පිරිසක් සහභාගී වුහ.කිරිදිවැල රජවීදියෙන් විරෝධතාව ආරම්භ වු අතර පසුව කිරිදිවැල පොදු බස්නැවතුම්පොළ අසලදී විරෝධතාවය සිදු කලහ.

හොර අගමැති ගෙදර යවනු, විනය ගරුක රජයක් හදමු,ව්‍යවස්ථාව සුරකිමු යනාදී පාඨ සහිත පුවරු අතැතිව 300ක පමණ ජනතාවක් මෙම විරෝධතාවයට එක්වී සිටියහ.


News Articles
Latest Videos
Most Popular Post