News Line| Off Air
Generic placeholder image

Nov
19

අගමැති පත්කරන්නත් ඉවත් කරන්නත් කථානයකට බලයක් නෑ – දිනේෂ්

1178 Views


අගමැති පත්කරන්නත් ඉවත් කරන්නත් කථානයකට බලයක් නෑ – දිනේෂ්

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අගමැතිට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

“මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන්තුවට යෝජනාව ගෙන ආ හැකි වන්නේ සභානායකතුමත්, සංවිධායකතුමත් දැනුම් දීම තමයි පිළිවෙත. එය ආපසු හැරවීමට උත්සාහ කිරීම ස්ථාවර නියෝග හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවට පටහැනියි.

අපි කථානායකට කිව්වා අගමැති අස්කරනනත්, පත්කරන්නත් බලය තියෙන්නේ ජනපතිටයි කියලා. ඒ බලය නෑ කියන්න විපක්ෂයේ කවුරුවත් කිව්වේ නෑ.

ඔවුන් කිව්වේ බහුතරය ඔවුන්ට තියෙනවා කියලයි. අග්‍රාමාත්‍යවරයාට විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතු ආකාරයක් තියෙනවා ”


News Articles
Latest Videos
Most Popular Post