News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

දක්ෂතා තියනවා එළියට එන්න ප්‍රමාදයි – මෙන්ඩිස්ට කණ්ඩායමේ තැන හිමිවීම ගැන හතුරුසිංහ හේතු කියයි

999 Views


දක්ෂතා තියනවා එළියට එන්න ප්‍රමාදයි – මෙන්ඩිස්ට කණ්ඩායමේ තැන හිමිවීම ගැන හතුරුසිංහ හේතු කියයි

පසුගිය කාලයේම කෙතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස්ට සහ නිරෝෂන් දික්වැල්ලට කණ්ඩායමේ අවස්‍තාව ලබා දෙන පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය ක්‍රීඩකයන්ගේ දුර්වල ක්‍රීඩා විලාසය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා. ඒ එංගලන්තය සමග පැවති ටෙස්ට් තරගය පරාජයට පත්වීමෙන් පසුව පැවති මාධ්‍යය හමුවේදීයි. එහිදි ඔහු පවසන්නේ දක්ෂතා දැක්වීම ප්‍රමාද වුවද කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දක්ෂ ක්‍රීඩකයන් නිසා දිගින් දිගටම අවස්තාව ලබා දෙන බවයි.

එහිදි අදහස් දැක්වූ හතුරුසිංහ..

“ඉදිරියේදී අපිට නවසීලන්තය, ඔස්ටේ‍්‍රලියාව සහ දකුණු අපිකාවේදී තරග කරන්න තියෙනවා. ඒ තරගාවලීවලදී ක‍්‍රීඩකයන්ව වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඕනෑම ක‍්‍රීඩකයකුට අසාර්ථක වෙන කාලයක් තියෙනවා. කුසල් මෙන්ඩිස් කියන්නෙ මේ වසරේදී ලකුණු 600 කට වැඩිය ලැබූ පිතිකරුවෙක්. ඔහු ගාල්ලේ තරගයේදී ලකුණු 45 ක් ලැබුවා. ඒ වගේම නිරෝෂන් දික්වැල්ල කියන්නෙත් අපිට ඉන්න හොඳම කඩුලූ රකින්නෙක්. ඔහු පිතිකරුවෙක් ලෙස ඉදිරියේදී ලකුණු අතරට පැමිණේවිය. මෙතන වෙලා තියෙන්නෙ ඔවුන් දක්ෂ වුණත් ඒ දක්ෂතාව එළියට ඒම ප‍්‍රමාද වීමයි.’’


News Articles
Latest Videos
Most Popular Post