ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි පැවසීය.
අද නොවේ හෙට කියමින් තමා ඉදිරිපත් කළ අභියෝගය බාරගැනීමට නොහැකිව එජාපයේ මන්ත්‍රිවරුන් 113 සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය රනිල් පිළ,සජිත් පිළ,රවී පිළ ලෙස බෙදී සිටින හේතුවෙන් මන්ත්‍රීවරුන් 113ක් සකස් කරගැනීමට නොහැකිව දඟලමින් සිටින බවද වීරවංශ මහතා ප්‍රකාශ කර සිටියේය.