News Line| Off Air
Generic placeholder image

Nov
20

කටහඬින් ජන්දය විමසා අගමැති ඉවත් කිරිම සුදුසු නෑ | ජී.එල්.පීරිස්

459 Views


කටහඬින් ජන්දය විමසා අගමැති ඉවත් කිරිම සුදුසු නෑ | ජී.එල්.පීරිස්

අද (20) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ පාර්ලිමේන්තුවේ කටහඬින් ඡන්ද විමසන අවස්ථා තිබෙන බවත්, එහෙත් අගමැතිවරයෙකු ඉවත් කිරීම සඳහා එය සුදුසු ක්‍රමයක් නොවන බවත්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජී.එල්.පීරිස් මහතා ,

“තමාට විරුද්ධව ඉදිරිපත් කරන චෝදනාවලට පිළිතුරු දීමට අගමැතිවරයාට අවස්ථාවක් තිබිය යුතුයි. එම අවස්ථාව ලැබෙන්නේ පූර්ණ විවාදයකින්. ඒ විවාදයට සූදානම් වීමට අවම වශයෙන් දවස් 5ක් අවශ්‍ය බව ස්ථාවර නියෝගවල පැහැදිලිව සඳහන් වෙනවා. අගමැතිවරයෙකු මේ විදිහට කටහඬින් ඉවත් කරන්න පුළුවන් නම් මොනවද මේ රටේ කරන්න බැරි ? පාර්ලිමේන්තුව රැස්වෙන වෙලාව තීරණය කිරීම වැනි සුළු ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කටහඬින් ඡන්දය විමසීමක් කළ හැකියි. නමුත් රටේ අගමැතිවරයා ඉවත් කිරීම ඊට වඩා සම්පූර්ණයෙන් වෙනස්.” යැයි පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post