News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

කරූව අයින් කරලා නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුවට

905 Views


කරූව අයින් කරලා නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුවට

වර්තමාන කථානායක කරූ ජයසූරිය මහතා ව්‍යවස්ථාවට විරුද්ධව වැඩකටයුතු සිදු කිරීම නිසා ආණ්ඩු පක්ෂයට ඒ ඒ අවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව තුළ තීරණ ගැනීමට සිදුව ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

පාර්ලිමේන්තුවේ අණ පනත්වලට විරුද්ධව මෙලෙස කටයුතු කිරීම නිසා පසුගිය දිනවල විශාල ප්‍රශ්නයක් නිර්මාණය වූ බවද ඔහු පෙන්වා දෙනවා.

ඊයේ (19) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව මේ ආකාරයට අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ “දැන් වෙද්දී කරූ ජයසූරිය මහත්තයාව රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරලා නියෝජ්‍ය කථානායකව ගෙන්නලා පුටුවේ වාඩි කෙරෙව්වා.” යනුවෙනි.

ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙනුයි.


News Articles
Latest Videos
Most Popular Post