News Line| Off Air
Generic placeholder image

Nov
20

පාර්ලිමේන්තුවේ සිදු වූ හානි තක්සේරු කරන්න රක්ෂණ නියෝජිතයන් ඇවිත්

934 Views


පාර්ලිමේන්තුවේ සිදු වූ හානි තක්සේරු කරන්න රක්ෂණ නියෝජිතයන් ඇවිත්

පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී මැතිසබයේ දේපළවලට සිදුවූ හානිය පිළිබද තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මූලික විමර්ශනයේදී හෙළි වි ඇත්තේ මයික්‍රොෆෝන කිහිපයකට හා පුටුවකට හානි සිදුව ඇති බවය.

මයික්‍රෙෆෝන සැපයූ ආයතනවලටද පාර්ලිමේන්තුවට පැමිණ සිදුවූ හානිය පිළිබඳ තොරතුරු ගණනය කරන ලෙසට දන්වා ඇති බව වාර්තා වෙනවා. කෙසේවෙතත් හානියට පත් උපකරණ ලබන සිකුරාදා වනවිට සකස් කිරීමටපාර්ලිමේන්තු බලධාරීන් කටයුතු කර තිබෙනවා.

සමස්ත පාර්ලිමේන්තුවම රුපියල් බිලියන 8 කට ආසන්න මුදලකට රක්‍ෂණය කර තිබෙනවා. ඒ අනුව සිදුවූ අලාභහානි පිළිබද තක්සේරු කිරීමේ කටයුතු සඳහා රක්‍ෂණ නියෝජිතයින්ද පාර්ලිමේන්තුවට කැඳවීමටයි තීරණය කර ඇත්තේ. ඒ අනුව ඔවුන් හෙට (21) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණෙනවා. මීට පෙර ඇති වූ ගංවතුර තත්ත්වයකින් පාර්ලිමේන්තුවට හානි සිදුවූ අවස්ථාවේදීද රුපියල් මිලියන 45ක රක්‍ෂණ මුදලක් හිමි වූ බවටයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ඉකුත්දා ඇති වූ නොසන්සුන් සිද්ධියේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට හෝ රාජ්‍ය නිලධාරීන්ට යම් අපහසුතාවක් වී නම් ඒ පිළිබඳ කණගාටු වන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණවීර පවසනවා.

එතුමා පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන්ට එරෙහිව පෙනී සිටීම මිස රාජ්‍ය නිලධාරීන් අපහසුතාවට පත් කිරීමේ චේතනාවක් හෝ අදහසක් තමා තුළ නොතිබූ බවයි. ප‍්‍රසන්න රණවීර මන්තී‍්‍රවරයා පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවටත් සභා ගර්භයේදී මිරිස් කුඩු ප‍්‍රහාරයක් එල්ල කළ බවටත් එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කළා.

මේ අතර පාර්ලිමේන්තු වරප‍්‍රසාද තුළින් සාපරාධි කි‍්‍රයාවන්වල නියැලෙන මන්තී‍්‍රවරුන් නීතියෙන් ආරක්‍ෂා නොවන බවද ට‍්‍රාන්ස්පේ්රන්සි ඉන්ටර්නැෂනල් ශී‍්‍ර ලංකා ආයතනය පවසනවා. ඔවුන් පවසන්නේ ඉකුත් සතිය පුරා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ හැසිරීම දැඩි කණගාටුවට සහ කණස්සල්ලට කරුණක් බවයි. මෙවැනි අප‍්‍රසන්න සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීමට ගත හැකි සෑම කි‍්‍රයාමාර්ගයක්ම ගන්නා ලෙසයි එම ආයතනය ජනාධිපතිවරයාගෙන්, කතානායකවරයාගෙන්, පක්‍ෂ නායකයින්ගෙන්, සියලූ මන්තී‍්‍රවරුන්ගෙන් හා පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන සංවිධායකවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post