News Line| Off Air
Generic placeholder image

Nov
20

බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක්

996 Views


බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක්

වවුනියාවේ කරුවේප්පන්කුලම් ගම්මානයේ බල්ලකු හා රිලා පැටවෙකු අතර විශ්වාස කළ නොහැකි අන්දමේ මිතුරු දමක් ගොඩ නැගී තිබේ. මේ අරුම පුදුම මිත්රවත්වය දැක බලා ගැනීමට මේ සිද්ධිය පිළිබදව තොරතුරු කණ වැකුණු සැනින් ජනතාව එම නිවස කරා යන්නට පටන් ගෙන ඇත්තේ කුඩා ළමයින් විසින් කරණු ලබන ඇවිටිල්ල නිසාය.

මේ නිවසේ උදවිය සුරතලයට බල්ලෙකු ඇති දැඩි කරණ අතර බල්ලාගේ නම ,බෝරා, වෙයි. අසල කැළයක සිට අතරමංවූ රිලා පැටවකු මේ නිවසේ වැඩිහිටියකු විසින් නිවසට රැගෙන විත් ඇති අතර සාමාන්යයෙන් බල්ලන් රිලවුන්ගේ හා වදුරන්ගේ හතුරන් නිසා මුලින්ම රිලවා කූඩුවක දමා තිබේ.

දිනක් රිලවා කූඩුවෙන් එලියට පැමිණ බල්ලා සමග සෙල්ලම් කරණු නිවසේ උදවියට දැක ගන්නට ලැබී ඇත. එදා පටන් රිලා පැටවා හා බල්ලා අතර ඇත්තේ කවරෙකුවත් විශ්වාස නොකරණ අන්දමේ සබදතාවයකි.

බල්ලාට ,බෝරා, යණුවෙන් නමක් ඇති නිසා රිලවාට නිවසේ උදවිය , කන්නන්, යනුවෙන් නමක් තබා ඇත. කවුරුන් හෝ ,බෝරා, යණුවෙන් කතා කළත් ,කන්නන්, යණුවෙන් කතා කළත් මේ දෙදෙනාම එක්වරම පැමිණෙයිගඑසේ පැමිණෙන්නේද බෝරාගේ පිටේ කන්නන් නැගී ගෙනයග ඔවුන් සෙල්ලම් කරන්නේද කන්නේද බොන්නේද නිදියන්නේද එකටය.

මේ පුදුම මිතුදම සියල්ලන්ටම පුදුමයක් මෙන්ම සතුට ගෙන දෙන කරුණක් වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post