News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
20

මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

451 Views


මත්ද්‍රව්‍ය සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින්.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු 25 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මේ අතර, කේරළ ගංජා කිලෝ 7යි ග්‍රෑම් 500ක් සමඟ කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු මිනුවන්ගොඩ – කටුවැල්ලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් මෝටර් රථයකින් මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදීයි ඊයේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරුවන් අවුරුදු 26 සහ 37 යන වයස්වල පසුවන යක්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, සැකකාරිය 21 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචිකාරිණියක්.


News Articles
Latest Videos
Most Popular Post