මූඩි දර්ශකය විසින් ශ්‍රී ලංකාව බී2 ශ්‍රේණිය දක්වා පහත දමා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සඳහන් කරනවා. කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව පිළිබඳව මෙම දර්ශකය මගින් ගණනය කරනු ලබනවා.
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ශ්‍රී ලංකා ආර්ථිකය ලැබූ දරුණුම ගැටලුකාරී තත්ත්වයක් බව ඔහු සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබෙනවා.
එසේම මෙසේ ශ්‍රේණිගත කිරිම පහත දැමීම පිළිබඳව නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ඉල්ලා ඇති බවද දැනගැනීමට තිබෙන බවත් ඔහු පවසනවා.