ඊයේ දිනයේදී (19) පාර්ලිමේන්තු සැසිය අවසානයේ කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපය පිළිබදව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු භයානක හෙළිදරව්වක් සිදු කළා. එහිදි අමාත්‍යවරයා පැවසූවේ විපක්ෂ මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවට අවි ආයුධ ලබාදෙන්නේ කථානායක කරූ ජයසූරීය බවයි. පාර්ලිමේන්තුවට පැමිණීමේදි සියලූම මන්ත්‍රීවරුන් පරීක්ෂා කරන අතර කථානායකවරයා පරීක්ෂා කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට පැමිණීම විශේෂත්වයකි.
“කරූ ජයසූරිය ඇවිල්ලා වාඩි වෙන්න නෙවෙයි, වහාම ඉල්ලා අස් වෙන්න ඕන. හේතුව එතුමගේ නිළධාරීන් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට අවි ආයුධ ගේන්න උදව් කළේ, අවි ආයුධ ගෙනියන්න උදව් කෙරුවෙත්. මන් දැක්කා රංජන් රාමනායකගේ පිහිය ගෙනියන්නේ වේත්‍රධාරියගේ දෙවෙනියා. ඒ කියන්නේ මොන තරම් භයානක දෙයක්ද. ඒ කියන්නේ ඔවුන්ට බෝම්බයක් ගේන්න පුලුවන් නිළධාරියෙක් හරහා, බෝම්බයක් එළියට ගෙනියන්නත් පුලුවන්” යනුවෙන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මාධ්‍යය වෙත ප්‍රකාශ කර සිටියා.