මුලතිව් – වන්නි විලායන්කුලම් ප්‍රාථමික විද්‍යාලයේ පළමු සහ දෙවන ශ්‍රේණිවල සිසුන් 36 දෙනෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මාන්කුලම් දිසා රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පෙරවරුවේ සිසුන් දෙදෙනෙකුට වමනය සහ අජීරණය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම ආහාර ලබා ගත් අනෙක් සිසුන් 34 දෙනා ද රෝහලට ඇතුළත් කළ බවයි.
පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේලෙහි සතෙකුගේ ශරීර කොටස් හමුවී තිබීමෙන් අනතුරුවයි මෙලෙස සිසුන් රෝහල් ගත කර තිබෙන්නේ.