News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ඉන්දියාවත් ලංකාව කොපි කරාද යන්න සැකයක් – දිල්ලි ප්‍රධාන ඇමතිට මිරිස් කුඩු ප්‍රහාරයක් (PHOTOS/VIDEO)

752 Views


ඉන්දියාවත් ලංකාව කොපි කරාද යන්න සැකයක් – දිල්ලි ප්‍රධාන ඇමතිට මිරිස් කුඩු ප්‍රහාරයක් (PHOTOS/VIDEO)

මිරිස් කුඩු කියන්නෙ මේ දවස් වල හරියට කතාවෙන මාතෘකාවක්. ඒත් මේ මිරිස්කුඩු භාවිතය ලංකාවෙ දේශපාලනයට සීමා නොවී ඉන්දියාවෙ දේශපාලනය දක්වා දුර දිග ගිහින්. ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව වාර්තාවෙනවා.

මෙම මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිටදීයි. අදාල සිද්ධිය සම්බන්ධයෙන් අනිල් කුමාර් නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අමාත්‍යවරයා දිවා අහාරය සඳහා කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔහු වෙත පැමිණි මෙම සැකකරු මිරිස් කුඩු සහිත ලිපියකින් අමාත්‍යවරයා දෙසට දමා ගසා ඇති අතර, අමාත්‍යවරයා උපැස් යුවළක් පැළඳ සිටි නිසා කිසිදු අනතුරක් සිදුවී නොමැති බවද ඉන්දීය මාධ්‍ය සඳහන් කරනවා.

https://youtu.be/lkQJvNyPFFo


News Articles
Latest Videos
Most Popular Post