ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය අන්තර්ජාතික ප්‍රජාව හමුවීමට උනන්දුවක් දක්වන බව පර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඔවුන් රටේ ජනතාව හමුවී මැතිවරණයක් පිළිබඳව ජනතාවගේ ඇති බලාපොරත්තු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවයි.
කෙසේ වෙතත් නාමල් රාජපක්ෂගේ ට්විටර් පනිවුඩයට ප්‍රතිචාර දක්වා ඇති ශ්‍රීලංකාවේ හා මාලදිවයිනේ කැනඩා මහ කොමසාරිස් ඩේව්ඩි මැක්කිනොන් මහතා පවසා ඇත්තේ ‘‘ඔබ ඔබේ පොදුජන පෙරමුණේ සමාජිකයන්ගෙන් ඔවුන් හමුවන්නේ කාවදැයි‘‘ යන්න විමසිය යුතු බවයි.
ඩේවිඩ් මැක්කිනොන්ගේ එම ප්‍රතිචාරයට ශ්‍රීලංකාවේ හා මාලදිවයිනේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් බ්‍රයිස් හචෙස්සන් මහතා කැමැත්ත (ලයික්) පළකර තිබෙනුද දක්නට ලැබීම එහි විශේෂත්වයකි.