News Line| Off Air
Generic placeholder image

Nov
21

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේ – විමල් වීරවංශ

891 Views


පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවත් ආණ්ඩුව අපේ – විමල් වීරවංශ

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය දක්වා භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැංවීමේ කටයුතු සිදුකරන්නේද වත්මන් ආණ්ඩුව විසින් බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

කොළඹ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපති වශයෙන් නීතීඥ පාලිත ගමගේ මහතා වැඩභාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරා.

“ පසුගිය 26 වනදා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පැවැති ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වන්නට තීන්දු කළා. ඒ ඊනියා ජාතික ආණ්ඩුව අභාවයට යාමත් සමඟ අමාත්‍ය මණ්ඩලය ස්භාවිකවම විසුරුවා හැරීමකට ලක්වුණා. නව අග්‍රමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ව පත් කළා. ඉදිරි මහ මැතිවරණයේ භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු කරන්නේද , ඉදිරි මහ මැතිවරණයේදී බලය පිහිටුවන්නේද මේ ආණ්ඩුව බව මා අවධාරණයෙන් ප්‍රකාශ කරනවා.

කලින් මා අමාත්‍යධුරය දරණ අවස්ථාවේදී අපට හිමිවෙලා තිබුණේ නිවාස හා ඉදිකිරීම් කියන අමාත්‍යාංශය පමණයි. දැන් අපට සමෘද්ධි ව්‍යාපාරය ඇතුළු තවත් ව්‍යාපාර රැසක් මේ අමාත්‍යාංශයට හිමිව තිබෙනවා. සියලු දෙනාම කුමන දේශපාලන මත දැරුවද ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ සේවක මහත්ම මහත්මීන් ලෙස එකමුතු වී වැඩ කරමු යැයි මම පවසනවා.

පටු න්‍යාය පත්‍රවලට ගොදුරු වන්නේ නැතිව මේ ගමන සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් මම ඉල්ලා සිටිනවා. වසර තුන හමාරක කාලයක් තුළ මෙරටට සිදු වූ විපත කොපමණ බරපතලද කියා හෘද සාක්ෂිය තිබෙන ඕනෑම අයකුට තේරෙනවා. පටු අත්මාර්ථකාමී ලෙස නොබලා රටත් ජාතියක් නිසි මඟට ගැනීමේ ක්‍රියාවලියේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ යෝධ භූමිකාව එක දිස්ත්‍රික්කයකට පමණක් පටු නොවන සේ කටයුතු කළ යුතුයි.”


News Articles
Latest Videos
Most Popular Post