බස්නාහිරපළාත් සභාවේ පසුගිය සභාවාරයේදී මන්ත්‍රීවරුන් පරිණකවලින් අසභ්‍ය දර්ශන නරඹා තිබේදැයි සොයා බැලීමට පරීක්‍ෂණයක් ආරම්භ කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
තමන් පළාත් සභාවේ අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් මෙම අසභ්‍ය දර්ශන නරඹා ඇතැයි මාධ්‍ය ඔස්සේ දැනගැනීමට ලැබුණු බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළා.
මන්ත්‍රීවරුන්ට අන්තර්ජාල පහසුකම් සපයා ඇත්තේ මහජනතාවට සේවය කිරීමට බවත්, 19 වැනිදා සභාවේ මන්ත්‍රීවරුන් එම පහසුකම් භාවිත කර ඇත්තේ කුමක් සඳහාද යන්න ගැන පරීක්‍ෂණයක් මගින් සොයාගත හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධව වාර්තාවක් ගෙන්වාගෙන ඉදිරි කටයුතු සිදුකරන බවද හෙතෙම පවසා සිටියේය.