News Line| Off Air
Generic placeholder image

Nov
21

මෙවරත් කොටි මහවිරු දිනය සමරවන්න කිලිනොච්චිය සූදානම්

614 Views


මෙවරත් කොටි මහවිරු දිනය සමරවන්න කිලිනොච්චිය සූදානම්

කොටි සංවිධානය පැවති සමයේ නොවැම්බර් 21 වනදා සිට 27 වනදා දක්වා මහවිරු සතිය නමින් නම් කල බවත් අද සිට බොහෝ පිරිස් එම දිනය සමරනු ඇති බැවින් 27 වනදා තමන් මහවිරු දිනය සමරන බවට උතුරු පළාත් සභාවේ හිටපු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් පවසනවා.

මහවිරු සැමරුම සතිය පිළිබඳව විමසීමේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,

‘මහවිරු සතිය එල්.ටී.ටී.ඊ. සංවිධානය තිබුණු කාලයේ සිට 21 වැනිදා ඉඳන් 27 වෙනකම් සැමරුවා යුද්දෙන් පසුව සමහර අය 25 වනදා සිට 27 වනදා දක්වා දින 3ක් සැමරුවා මමත් සෑම අවුරුද්දකම 27 වැනිදා සැමරුවා මේ අවුරුද්දෙත් 27තමයි සමරන්නෙ යනුවෙනි.

මහවිරු සැමරුමේ ප්‍රධාන සැමරුම සිදු කෙරෙන කිලිනෝච්චියේ කනකපුරම් සුසාන භූමිය එලි පෙහෙලි කිරීමේ කටයුතු කිලිනොච්චියේ තරුණයින් පිරිසක් විසින් සිදු කරමින් සිටිති.

මේ අතර කිලිනොච්චියේ කනකපුරම් මහවිරු සැමරුම් වැඩසටහන සංවිධානය වෙනුවෙන් කැනඩාවේ කිසියම් සංවිධානයකින් පිරිසක් පැමිණ කනකපුරම් මහවිරු සැමරුම් සංවිධායකයින් හමු වී මහවිරු වැඩසටහනට සහය දීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post