පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වූ විට බහුතරයක් ඇත්නම් ඊට විරුද්ධ වී එය පරාජය කළයුතු බවත් එසේ නොකොට පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීමට කටයුතු කරන්නේ නම් එයින් පෙනී යන්නේ රාජපක්‍ෂ වාදීන්ට බහුතරයක් නොමැතිකම බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහපවසනවා.අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්‍ෂ ආසන සංවිධායකවරුන්ගේ සාකච්ඡාවකදී රනිල් වික‍්‍රමසිංහ මේ බව කියාසිටියා.
විශ්වාසභංගය තහවුරු වී ඇතැයි කතානායකවරයා ප‍්‍රකාශ කිරීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන බැවින් අගමැතිවරයාට මුදල් වෙන් කිරීමට හැකියාවක් නොමැති බවට එක්සත් ජාතික පක්‍ෂය කර ඇති අභියෝගය හැකි නම් භාර ගන්නා ලෙසයි රනිල් වික‍්‍රමසිංහ මෙහිදී කියාසිටියේ.