රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබූ ඊළග සාකච්ඡාව කල් දැමීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා.
මෙම ණය මුදල යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5 ක ණය පහසුකම් හිමිවන අතර දැනටමත් එයින් ඩොලර් බිලියනයක් ඔවුන් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙනවා. 2016 දී අනුමත කෙරුණු මෙම විස්තීරණ ණය පහසුකම හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය විසඳීමටත්, ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කිරීමටත් අපේක්ෂා කරනවා.
කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් 26 දා සිට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපතිවරයා ගත් තීරණයත් සමග ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.
රොයිටර් පුවත් සේවය ඇසුරෙනි